• පොල් සංවර්ධන අධිකාරියේ අනෙක් අංශවලට මූල්‍ය සේවා සැපයීම මෙම අංශයෙන් සිදුවේ. ඒ අනුව අයවැයට සහ මූල්‍ය කාර්ය සැලැස්මට අනුකූලව, අනුමත වැඩසටහන්වලට සහ ව්‍යාපෘතිවලට මූල්‍ය පහසුකම් සැලසීම මුදල් අංශයේ වගකීම වේ. පොල් සෙස් අරමුදලට අදාළ සියලු කටයුතු කළමනාකරණය මීට ඇතුළත් වේ.
  • සහනාධාර යෝජනා ක්‍රම, සෙස් අරමුදල් පරිපාලනය, මෝල් හිමියන්ගේ සංවර්ධන අරමුදල සහ විවිධ සංවර්ධන ව්‍යාපෘතිවල සියලු ම ගෙවීම් කටයුතු ද පො.සං.අධිකාරියේ මුදල් අංශය ඉටු කරයි.
  • මෙම අංශයේ තවත් මූලික වගකීමක් වනුයේ මණ්ඩලයේ පොදු මෙහෙයුම් කටයුතු , සෙස් අරමුදල, මෝල් සංවර්ධන අරමුදල, පොල් තෙල් මිල ස්ථායි කිරීමේ යෝජනා ක්‍රමය සහ සේවක අර්ථ සාධක අරමුදල යන මේවා සඳහා අයවැය ප්‍රතිපාදන සැලසීමය.
  • රජයේ විගණනය සඳහා වාර්ෂික ත්‍රෛමාසික සහ මාසික ගිණුම පිළියෙල කිරීමේ වගකීම ද මෙම අංශය දරයි. මහා භාණ්ඩාගාරය සහ අධ්‍යක්ෂ මණ්ඩලය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වාර්ෂික ගිණුම් සම්බන්ධයෙන් වගකිය යුතු වන්නේය.
  • සෙස් අරමුදලේ සියලුම ලේඛන කටයුතු ද විගණකාධිපති, මහා භාණ්ඩාගාරය සහ බැංකු සමග කෙරෙන සියලුම ලිපි ගනුදෙනු ද පිළිබඳ වගකීම ඇතුළුව ආයතනයේ කටයුතු කළමනාකරණය කිරීමේ වගකීම ද පො.සං. අධිකාරියේ මුදල් අධ්‍යක්ෂවරයා දරයි.
  • වෘත්තීය, ලිපිකරු සහ අදාළ අනෙකුත් කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව මුදල් අධ්‍යක්ෂ, නියෝජ්‍ය මුදල් අධ්‍යක්ෂ සහ වැඩ බලන ගණකාධිකාරී විසින් මුදල් අංශයේ කළමනාකරණ කටයුතු කරනු ලැබේ.

ඇමතුම් විස්තර

දුරකතන : +94 112 502 413
ෆැක්ස් : +94 112 368 789
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.