මුද්‍රණය

දැක්ම

“‍පොල් කර්මාන්තය දළ දේශීය නිෂ්පාදනය සඳහා වැවිලි ක්ෂේත්‍රයෙන් ඉහළතම දායකත්වය ලබා දෙන්නා වීම සහ

නිෂ්පාදන අළෙවි විවිධාංගීකරණයේදී ගෝලීය නායකයා වීම.”

මෙහෙවර

“ගෘහස්ථ පාරිභෝජනය සහ කර්මාන්තය සඳහා පොල් සහ පොල් නිෂ්පාදන සැපයුම තහවුරු කිරීම මඟින්, පොල් කර්මාන්තය දීර්ඝ කාලීන වාණිජමය ඵලදායීතාවය, තිරසාරත්වය හා ජාතික ආර්ථිකය සඳහා ඉහළ දායකත්වයක් කරා ගෙන ඒම සඳහා පහසුකම් සැපයීම”

1971 අංක 46 දරන පොල් සංවර්ධන අධිකාරී පනත, අනතුරුව 1987 අංක 40 දරන සංශෝධන පනත සහ 1978.12.31 අංක 69/4 දරන අති විශේෂ ගැසට් නිවේදනය යන මේවා ප්‍රකාර පොල් කර්මාන්තයේ ප්‍රමුඛ ආයතනය වශයෙන් ක්‍රියා කිරීමට පොල් සංවර්ධන අධිකාරියට බලතල සහ කාර්යයන් පවරා තිබෙන අතර එය පො.සං.අ. යේ මෙන්ම මෙම කාර්මාන්තය තුළ අනුබද්ධව පවතින සෙසු සම කණ්ඩායම්වල ද යහපාලනය, මාර්ගෝපදේශනය, තාක්ෂණය, ව්‍යාපෘති සහ වැඩසටහන් අනුමත කිරීම සහ අරමුදල් කළමනාකරණය සලසා දෙයි.

තව ද එය සතු බලතල අතර කුඩා, මධ්‍යම සහ විශාල පරිමාණ කර්මාන්තවල සෘජු මෙහෙයුම් කටයුතු, අධීක්ෂණ වගකීම්, කාර්මික ක්‍රියාවලී සංවර්ධනය කොට ඒවාට පහසුකම් සැලසීම යන මේවා ද වේ. මීට අමතරව, පො.සං.අ.යේ අලෙවි කාර්යභාරය බෙහෙවින් සුවිශේෂ වන අතර එය මෙරට මෙන් ම ජාත්‍යන්තර වෙළඳ පොළවළ ද ක්‍රියාත්මක වේ. මෙම බලතල තුළ පො.සං.අ. පොල් වලින් නිෂ්පාදන කිරීමට සහාය සලසමින් ඒවාට වෙළඳපොළ අවස්ථා සලසා දීමට ත් ක්‍රියා කරයි. මේ පරමාර්ථ මුදුන්පත් කිරීම සඳහා පො.සං.අ මෙම කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන්නන් ඇතුළුව රජයේ ආයතන, පෞද්ගලික අංශයේ සංවිධාන, වගාකරුවන්, කර්මාන්තකරුවන් බැංකු, සාමාන්‍ය මහජනතාව යනාදී ආයතන සහ පුද්ගලයන් සම්බන්ධීකරණය කරයි.

ප්‍රධාන කාර්යයන්

පොල් සංවර්ධන පනතේ විධිවිධාන සලසා ඇති පරිදි අධිකාරිය සතු කාර්යය  පුළුල් වශයෙන් පහත දැක්වේ:

පොල් සංවර්ධන පනතේ 20 වගන්තියේ නිරූපනය කර ඇති පරිදි පො.සං.අ. යේ අරමුණු, ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද නියෝගයක් මගින් අධිකාරිය වෙත පවරා තිබෙන අතර, කාර්මික ක්‍රියාවලිය, පොල් සහ පොල් නිෂ්පාදන මෙරට සහ අපනයන වෙළඳ පොළට යැවීම යන මේවා සම්බන්ධ සියලුම කටයුතු අධීක්ෂණය කිරීමේ සහ සංවර්ධනය කිරීමේ වගකීම ද පවරා තිබේ.

1980 අග භාගයේදී පොල් වෙළඳාම නිදහස් තත්ත්වයට පත් වූ තැන් සිට අධිකාරියේ ප්‍රධාන කාර්යයන් ඉලක්ක කෙරුණේ අපනයන අංශය කෙරෙහි විශේෂ අවධානයකින් යුක්තව පිරිසැකසුම් සහ අලෙවි අංශ ප්‍රවර්ධනය සහ සංවර්ධනය සඳහා ප්‍රතිපත්ති ද වැඩසටහන් ද සම්පාදනය කිරීම සහ ඒවා ක්‍රියාත්මක කෙරෙහිය.

පොල් කර්මාන්තය සංවර්ධනය කිරීම හා සම්බන්ධ ප්‍රතිපත්තිමය කරුණු තීරණය කිරීමට පොල් සංවර්ධන අමාත්‍යාංශයට සහාය වීම පිණිස පො.සං.අ., අමාත්‍යාංශය සමග සමීපතම සම්බන්ධතාවකින් ක්‍රියා කළේය. එම කරුණු මේ ආකාර වේ.

ප්‍රමුඛ කාර්යයන්

අපේ අරමුණු

අපේ පරමාර්ථ

අපේ ක්‍රමෝපායයන්