දිසිඳි පොල්, කොප්පරා, පොල්තෙල් පිරිසැකසුම් ඒකකය, අර්ධ වශයෙන් මේද ඉවත් කොට කැට කළ පොල්, පොල් කිරි, සහ පොල් ක්‍රීම් වැනි පොල් මද නිෂ්පාදන පිරිසැකසුම් ඒකක, කෙඳි සහ කෙඳි නිෂ්පාදන තැනීමේ ඒකක, පොල් කටු අඟුරු සහ පොල් කටු සක්‍රිය කළ කාබන් ඇතුළු පොල් කටු නිෂ්පාදන පිරිසැකසුම් ඒකක යන මේවායින් සමන්විත පොල් පිරිසැකසුම් අංශයට ද ඒ හැරුණු විට සුළු භාණ්ඩ නිෂ්පාදනයෙහි නියුක්තව සිටින කුඩා පරිමාණ කර්මාන්ත විශාල සංඛ්‍යාවකට ද නවීකරණය සඳහා ත් කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා ත් සහය ලබා දීම වැනි සංවර්ධන පහසුකම් සැපයේ.

  • පොල් නිෂ්පාදන නිපදවීම ප්‍රවර්ධනය කිරීම සහ නියාමනය කිරීම.
    • පිරිසැකසුම් ඒකක වාර්ෂිකව ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය කිරීම.
    • පොල් නිෂ්පාදනවල ක්ෂුද්‍රජීවී සහ භෞතික ගුණාත්මකභාවය සහතික කිරීම.
  • තාක්ෂණික සහ මූල්‍ය සහාය සපයාදීම මගින්, පවතින සම්ප්‍රදායික ක්‍රියාවලී වෙනුවට උචිත නූතන පිරිසැකසුම් තාක්ෂණ ක්‍රම හඳුනා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම.
  • පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා වන නවීකරණ වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
    • දිසිඳි පොල් කර්මාන්තය.
      • ස්වස්ථතා තත්ත්ව වැඩි දියුණු කිරීම.
      • ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම.
      • පිරිසැකසුම් පහසුකම් වැඩි දියුණු කිරීම.
      • නිෂ්පාදන පිරිවැය අඩු කිරීම - පොල් කටු ගින්නෙන් ක්‍රියාත්මක කරන බොයිලේරු, ජෛව - ඉන්ධන ශක්ති බොයිලේරු වැනි ශක්තියෙන් කාර්යක්ෂම වූ ක්‍රම හඳුන්වා දීම.
      • පරිසරයට මිත්‍රශීලී උපකරණ හඳුන්වා දීම.
      • ලෝහමය අනාවරක හඳුන්වා දීම.
    • පොල්තෙල් කර්මාන්තය
      • පොල්තෙල් සමග වෙනත් එළවළු තෙල් මිශ්‍ර කොට විකිණීම වැළැක්වීම.
      • පිරිසිදු පොල්තෙල් නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම.
      • ඵලදායිතාව වැඩිදියුණු කිරීමට ත් කාර්මාන්තයට අලුතින් පැමිණෙන අය දිරිගැන්වීමට ත් මූල්‍ය සහාය ලබාදීම.
      • උසස් තත්ත්වයේ, කෑමට සුදුසු ශ්‍රේණියේ පොල්තෙල්, තෙල් මෝල්වලදීම ඇසිරීමේ කටයුතු හඳුන්වා දීම.
    • කොහු කෙඳි
      • කම්හල් නවීකරණය කිරීමේ කටයුතු සඳහා මුදල් ආධාර දීම.
      • පොල් කෙඳි පිළිබඳ අවිධිමත් අංශය වැඩි දියුණු කිරීම. උදාහරණයක් වශයෙන් කෙඳි කැටීමේ යන්ත්‍රය, පාපිසි සැකසීමේ පුවරු සහ කොහු කෙඳි බෙදා හැරීම.
      • කෙඳි නිස්සාරණය, නිමි භාණ්ඩ සහ අවිධිමත් අංශය ශක්තිමත් කිරීම මගින් කොහු කෙඳි නිෂ්පාදනය වැඩි දියුණු කිරීම.
    • කොප්පරා
      • හොඳ තත්ත්වයේ කොප්පරා පිරිසැකසුම් කිරීම සඳහා සාම්ප්‍රදායික තක්ෂණය වැඩි දියුණු කිරීම.
      • කොප්පරා පෝරණු සහ කොප්පරා වියළන බෙදා හැරීම.
      • පොල් මද කෑමට යෝග්‍ය සුදු කොප්පරා බවට පිරිසැකසුම් කිරීම සඳහා දැනට පවතිනවාට වඩා යෝග්‍ය තාක්ෂණයක් හඳුන්වා දීම.
    • පොල් යුෂ නිෂ්පාදනය
      • පැසුණු පොල් වතුර පිරිසැකසුම් කිරීම සඳහා යෝග්‍ය තාක්ෂණ හඳුන්වා දීම.
  • පොල් නිෂ්පාදන පිරිසැකසුම් කිරීම සහ පරීක්ෂණාත්මක පිරිසැකසුම් උපකරණ නිර්මාණය කිරීම සඳහා නියමු යන්ත්‍රාගාර පිහිටුවීම සහ පවත්වාගෙන යාම.
    • අප ජලය පිරිසුදු කිරීමේ යන්ත්‍රාගාර පිහිටුවීම.
    • මෙරට තිබෙන ද්‍රව්‍ය භාවිතා කොට පල් කළ පොල් ලෙලිවලින් මෙන්ම අමු පොල් ලෙලිවලින් ද කොහු කෙඳි නිස්සාරණය කිරීමේ යන්ත්‍රයක් නිපදවීම.
  • අපනයනය සඳහා අගය වැඩි කරන ලද නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම.
    • පොල් කිරි ආශ්‍රිත නව නිෂ්පාදන දේශීය වෙළඳපොළට හඳුන්වා දීම.
    • පොල් ක්‍රීම් සහ වෙනත් අගය වැඩි කරන ලද නිෂ්පාදන ප්‍රවර්ධනය.
    • පොල් කටු අකුරු වලින් අගය වැඩි කරන ලද නව නිෂ්පාදන හඳුන්වා දීම.
    • කෙඳි කර්මාන්තයේ අගය වැඩි කිරීම ප්‍රවර්ධනය කිරීම.
  • උනන්දුවක් දක්වන අය සඳහා පුහුණු කිරීමේ සහ දැනුවත් කිරීමේ පාඨාමාලා
    • දිසිඳි පොල්
      • දිසිඳි පොල් ‍මෝල් සඳහා HACCP උපදෙස් සංග්‍රහය සම්පාදනය කිරීම සහ HACCP ගුණාත්මක තත්ව පද්ධතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්.
    • පොල් කෙඳි
      • අගය වැඩි කළ කොහු කෙඳි සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන.
      • කොහු නිමි භාණ්ඩ සහ නිෂ්පාදන පිරිසැකසුම් කර්මාන්තය සහ ශුභසාධනය / පාපිසි, ජෛව රෙදිපිළි, රබර් මිශ්‍ර කොහු, ගස් මැදීමේ සහ විසිතුරු භාණ්ඩ පිළිබඳ පුහුණු වැඩසටහන.
    • පොල්තෙල්
      • පාරිභෝගිකයන් සඳහා උසස් තත්ත්වයේ පොල්තෙල් නිෂ්පාදනය පිළිබඳ උපදෙස් පොල්තෙල් මෝල් හිමියන්ට ලබාදීමේ වැඩසටහන්. ප්‍රධාන වශයෙන් පොල්තෙල් වලට බාල තත්වයේ පාම් තෙල් මිශ්‍ර කිරීම වැළැක්වීමට මෙහි දී පියවර ගැනේ.
      • පාසල් හැර ගිය අය සඳහා පොල්තෙල් සහ පොල් ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ හය මාසයක පූර්ණ කාල පාඨමාලාවක් කාර්මික විද්‍යාලයේ දී පැවැත්වීම.
  • නිදහස් වෙළඳාම යටතේ අපනයන අංශය කෙරෙහි විශේෂ අවධානය දක්වමින් පිරිසැකසුම් කටයුතු ප්‍රවර්ධනය සහ සංවර්ධනය සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කෙරෙහි මෙම අධිකාරියේ කටයුතු ඉලක්ක කර තිබේ.
  • පොල් නිෂ්පාදන නිපදවන මෝල් හිමියන් සහ නිෂ්පාදකයන් ලියාපදිංචි කිරීම, එබඳු ලියාපදිංචි වීම් සඳහා ප්‍රමිති, නියමයන් සහ කොන්දේසි, ක්‍රියා පටිපාටි සහ ගෙවිය යුතු වාර්ෂික ගාස්තු, කිසියම් නමක් ලියාපදිංචියෙන් ඉවත් කිරීම සහ නැවත ඇතුළත් කිරීම යන කරුණු තීරණය කිරීම.
  • පොල් නිෂ්පාදන නිපදවීම, ඇසිරීම හෝ ගබඩා කිරීම සඳහා පාවිච්චි කරන හෝ පාවිච්චි කිරීමට නියමිත කර්මාන්ත ශාලා ගබඩා, අංගණ, ගොඩනැගිලි, පරිශ්‍රය, උපකරණ සහ යන්ත්‍රසූත්‍ර යන මේවා පරීක්ෂා කිරීම, අධීක්ෂණය කිරීම, නියාමනය කිරීම සහ පාලනය කිරීම.
  • HACCP සහ ISO වැනි තත්ත්ව පද්ධති ක්‍රියාත්මක කිරීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් පොල් භාණ්ඩ නිෂ්පාදකයන්ට සහාය වීම.
    • දිසිඳි පොල් මෝල් හිමියන් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහයෝගය ඇතිව දැනුවත් කිරීමේ වැඩසටහනක් මගින් මෙම තත්ත්ව පද්ධතිය හඳුන්වා දී ක්‍රියාත්මක කර තිබේ. ඉල්ලුම් කරන පොල් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් වරින් වර පවත්වා තිබේ.
  • මූල්‍ය ආධාර යෝජනා ක්‍රම සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම. පිරිසැකසුම් කර්මාන්ත නගාසිටුවීම සඳහා ත් නිෂ්පාදන පිරිවැය අඩු කිරීම සඳහා ත් නිෂ්පාදනවල තත්ත්වය උසස් කිරීම සඳහා ත් සෙ‍ස් අරමුදලින් මූල්‍ය ආධාර දෙනු ලැබේ.
    • දිසිඳි පොල් මෝල් සඳහා බැංකු ණය
    • ආනයනය කළ අමු ද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදිත පොල් නිෂ්පාදන වෙනුවෙන් ගෙවා ඇති වැඩිපුර සෙස් බදු ආපසු ගෙවීම.
  • නිෂ්පාදන කටයුතු නොකෙරෙන කාල සීමා තුළ සේවකයන්ට සඳහා ගෙවන සහන වැටුප් ප්‍රතිපූර්ණය කිරීම.
  • නිෂ්පාදකයන් ඉල්ලා ඇති පරිදි පොල් නිෂ්පාදන සඳහා වෙනත් අදාළ ආයතනවල සහයෝගය ලබා ගෙන ප්‍රමිති සම්පාදනය කිරීම.
    • පොල් ක්‍රීම් පිටි සෑදීම සඳහා ප්‍රමිත පිරිවිතර සම්පාදනය.
    • අඩු මේද සහිත දිසිඳි පොල් නිෂ්පාදනය සඳහා ප්‍රමිත පිරිවිතර සම්පාදනය.
    • කොහු කෙඳි සඳහා ප්‍රමිති පිරිවිතර සම්පාදනය.
  • සක්‍රිය කළ කාබන් සහ අගය වැඩිකළ සක්‍රිය කාබන් නිෂ්පාදනය, ආනයනය සහ අපනයනය සම්බන්ධ කටයුතු සමීක්ෂණය කිරීම සහ එම කර්මාන්තයේදී පොල් කටු / අඟුරු එකතු කිරීම සඳහා පහසුකම් සැලසීම කරනු ලැබේ.

ඇමතුම් විස්තර

දුරකථන : +94 112 322 796
    +94 112 502 502-4 (නාරාහේන්පිට)
ෆැක්ස් : +94 112 322 797
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.