තත්ත්ව පාලන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් ද ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කොට අපනයනය කෙරෙන පොල් නිෂ්පාදනවල තත්ත්වය උසස් බවට වගබලා ගැනීමෙන් ද එම කර්මාන්තවලට මෙම අංශය සහාය වේ. මෙම වගකීම්භාරය සපුරාලනු වස් ප්‍රමුඛ පොල් නිෂ්පාදන විශ්ලේෂණය කිරීම සඳහා පුහුණු කාර්යය මණ්ඩලයක් සහිතව මෙම අධිකාරිය, මධ්‍යම තත්ත්ව පාලන පරීක්ෂණාගාරයක් පවත්වා ගෙන යයි. පරීක්ෂා කිරීමට පෙරාතුව නියැදි පිරිසැකසුම් කෙරෙන අතර මුළු සතිය පුරා නියැදි පරීක්ෂා කිරීම සිදු කරනු ලැබේ.

පරීක්ෂණ සඳහා ගාස්තු

2009 ජනවාරි 01 දින සිට අගය එකතු කිරීමේ බද්ද (වැට්), වැට් ලියාපදිංචි අංක 409046592-7000 අනුව එකතු කිරීමට ද 2009.06.01 දින සිට ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) අය කිරීමට ද පොල් සංවර්ධන අධිකාරියට, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බලය පවරා තිබේ.

පරීක්ෂණ පහසුකම්

  • ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිකුත් කර ඇති පිරිවිතර සහ පරීක්ෂණ ක්‍රමවලට අනුකූලව විද්‍යාගාර පරීක්ෂණ සිදු කරනු ලැබේ.
  • අපනයනය සඳහා වන පොල් නිෂ්පාදන සහතික කොට සුරක්ෂණය කිරීම.
    • පොල් මද නිෂ්පාදන
    • පොල් මද නොවන නිෂ්පාදන
  • ඒවා නැව් ගත කිරීමට පෙර ක්ෂුද්‍රජීව විද්‍යාත්මක සහ භෞත - රසායනික පරීක්ෂණ පැවැත්වීම.
    • අපනයනය සඳහා පොල් නිෂ්පාදන නිපදවීමේදී ඒවායේ තත්ත්ව ප්‍රමිති උසස් ලෙස පවතින බවට වගබලා ගැනීම. පිරිසැකසුම් වැඩි දියුණු කිරීම සඳහා ක්ෂුද්‍රජීව විද්‍යාත්මක සහ භෞත - රසායනික පරීක්ෂණ කිරීම.
      • දිසිඳි පොල්
      • ජල විශ්ලේෂණය
    • දිසිඳි පොල් කර්මාන්තයට තාක්ෂණික සේවා සැපයීම, කම්හල් පරීක්ෂා කිරීමට යාම, විමර්ශන සහ සම්පත් දායකත්වය.
  • පොල්තෙල් කර්මාන්තය සඳහා තත්ත්ව පාලන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • පොල් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ පරීක්ෂණාගාර කාර්මිකයන්, අධීක්ෂකවරුන් සඳහා පරීක්ෂණාගාරවල කෙරෙන පරීක්ෂණ පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම.
  • වෙනත් තෙල් මිශ්‍ර කර ඇති පොල්තෙල් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණාගාර පරීක්ෂණ පහසුකම් සැපයීම.
  • පොල් ආශ්‍රිත කර්මාන්තවලට සම්බන්ධ ව්‍යාපෘතිවල නියැලී විශ්වවිද්‍යාල ශිෂ්‍යයනට පර්යේෂණ සහාය ලබා දීම.
  • පොල් නිෂ්පාදන හා සම්බන්ධ නිෂ්පාදනයන්ට සහ ඒවා අපනයනය කරන්නන්ට 15% ක වට්ටම් සහිත පරීක්ෂණ පහසුකම් සැපයීම.
  • පරීක්ෂණ රසායනාගාරයක් වශයෙන් පාරිභෝගිකයන්ට ද විකුණුම් කරුවන්ට ද ගැනුම් කරුවන්ට ද පරීක්ෂණ සේවා සැපයීම.

පරීක්ෂණාගාර පරීක්ෂණ සහ (වට්ටම් රහිත) පරීක්ෂණ ගාස්තු ලැයිස්තුව, පොල් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ ලියාපදිංචි නිෂ්පාදකයන්ට සහ අපනයනකරුවන්ට 15% ක වට්ටමක් පිරිනමනු ලැබේ.

ඇමතුම් විස්තර

දුරකතන : +94 112 369 801                                      
ෆැක්ස් : +94 112 508 729
විද්‍යුත් තැපෑල : qcThis email address is being protected from spambots. You need JavaScript enabled to view it.