මුද්‍රණය

තත්ත්ව පාලන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් ද ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කොට අපනයනය කෙරෙන පොල් නිෂ්පාදනවල තත්ත්වය උසස් බවට වගබලා ගැනීමෙන් ද එම කර්මාන්තවලට මෙම අංශය සහාය වේ. මෙම වගකීම්භාරය සපුරාලනු වස් ප්‍රමුඛ පොල් නිෂ්පාදන විශ්ලේෂණය කිරීම සඳහා පුහුණු කාර්යය මණ්ඩලයක් සහිතව මෙම අධිකාරිය, මධ්‍යම තත්ත්ව පාලන පරීක්ෂණාගාරයක් පවත්වා ගෙන යයි. පරීක්ෂා කිරීමට පෙරාතුව නියැදි පිරිසැකසුම් කෙරෙන අතර මුළු සතිය පුරා නියැදි පරීක්ෂා කිරීම සිදු කරනු ලැබේ.

පරීක්ෂණ සඳහා ගාස්තු

2009 ජනවාරි 01 දින සිට අගය එකතු කිරීමේ බද්ද (වැට්), වැට් ලියාපදිංචි අංක 409046592-7000 අනුව එකතු කිරීමට ද 2009.06.01 දින සිට ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) අය කිරීමට ද පොල් සංවර්ධන අධිකාරියට, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බලය පවරා තිබේ.

පරීක්ෂණ පහසුකම්

පරීක්ෂණාගාර පරීක්ෂණ සහ (වට්ටම් රහිත) පරීක්ෂණ ගාස්තු ලැයිස්තුව, පොල් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ ලියාපදිංචි නිෂ්පාදකයන්ට සහ අපනයනකරුවන්ට 15% ක වට්ටමක් පිරිනමනු ලැබේ.

ඇමතුම් විස්තර

දුරකතන : +94 112 369 801                                      
ෆැක්ස් : +94 112 508 729
විද්‍යුත් තැපෑල : qcThis email address is being protected from spambots. You need JavaScript enabled to view it.