ශ්‍රී ලංකාව තුළ සහ පිටරටවල පොල් නිෂ්පාදන සඳහා ඉල්ලුම පවත්වා ගැනීම ප්‍රවර්ධනය කිරීම සහ ඇති කිරීම.

දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් පොල් සහ පොල් නිෂ්පාදන අලෙවිය ප්‍රවර්ධනය කිරීම සහ විකිණීමෙහි සහ අපනයන වෙළඳාමෙහි නියුක්තව සිටින ආයතනවලට, නිෂ්පාදන අලෙවි විවිධාංගීකරණය පිළිබඳ ස්වකීය ඉලක්ක මුදුන්පත් කර ගැනීමට පහසුකම් සැලසීම සහ සහාය වීම.

  • වෙළඳ පොළ තොරතුරු සේවා
    • පොල් නිෂ්පාදන සම්බන්ධයෙන් මෙරටට අදාළ වූ ද අපනයනකරුවන්ට අදාළ වූ ද නිෂ්පාදනවලට අදාළ වූ ද තොරතුරු සැපයීම.
    • ලබා ගතහැකි අපනයන වෙළඳ පොළවල්, අපනයන මිල, මෙරට වෙළඳ පොළ මිල, පොල් නිෂ්පාදන පිළිබඳ වෙළඳ පොළේ නැඹුරුව, ඇසුරුම් විස්තර, ප්‍රවාහන ගාස්තු සහ වෙනත් අදාළ තොරතුරු සැපයීම.
    • එළවලු තෙල්වල සහ පොල් නිෂ්පාදනවල ජාත්‍යන්තර මිල ගණන් පිළිබඳ තොරතුරු සැපයීම.
    • පොල් නිෂ්පාදන නිපදවීමට සහ අපනයනයට අදාළ තරගකරුවන් පිළිබඳ තොරතුරු සැපයීම.
    • පොල් පාදක කරගත් වෙබ් අඩවිය යාවත්කාල කොට පවත්වාගෙන යාම.
    • පොල් කර්මාන්තය සහ වෙළඳාම පිළිබඳ තොරතුරු / ප්‍රලේඛන මධ්‍යස්ථානය පවත්වා ගෙන යාම.
    • පො.සං. අධිකාරියෙහි ලියාපදිංචි වී සිටින අපනයනකරුවන්, නිෂ්පාදකයන්, බ්‍රෝකර්වරුන්, වතු සහ වෙළඳුන් ආදීන් පිළිබඳ තොරතුරු සැපයීම.
  • වෙළඳපොළ පර්යේෂණ සහ සමීක්ෂණ
    • වාර්ෂික පොල් නිෂ්පාදනය කල්තියා ප්‍රකාශ කිරීම.
    • පොල් ගෙඩි සහ පොල් තෙල් පිළිබඳ ඒක පුද්ගල පරිභෝජනය
    • පොල් නිෂ්පාදනවල නිෂ්පාදන පිරිවැය විශ්ලේෂණය කිරීම.
    • ආනයනය කෙරෙන එළවළු තෙල් පරිභෝජනය පිළිබඳ විශ්ලේෂණය.
  • වෙළඳ පහසුකම් සේවා
    • කොළඹ අලුත් පොල් වෙන්දේසිය සහ කොප්පරා වෙන්දේසිය පැවැත්වීම.
    • පොල් ත්‍රිකෝණයෙහි සහ කුඩා පොල් ත්‍රිකෝණයෙහි ප්‍රාදේශීය වශයෙන් පොල් ගෙඩි වෙන්දේසි පැවැත්වීම.
    • වෙළඳාමට අදාළ ආරාවුල් / ඉල්ලීම් පිළිබඳ ක්‍රියා කිරීම (අපනයනකරුවන්, මෝල් හිමියන්, බ්‍රෝකර්වරුන්, වෙළඳුන් සහ වගාකරුවන් අතර පැන නගින විදේශීය සහ දේශීය ඉල්ලීම් විසඳීම සඳහා බේරුම් කිරීම් පැවැත්වීම.
    • අපනයනකරුවන්, වෙළඳුන්, බ්‍රොකර්වරුන් සහ පොල් නිෂ්පාදන සහ වතු ලියාපදිංචි කිරීම.
    • පොල් නිෂ්පාදන වර්ග කිරීමේදි අපනයනකරුවන් මුහුණ පාන ගැටලු විසඳීම සහ අගය එකතු කොට යළි අපනයනය කිරීම සඳහා පොල් නිෂ්පාදන අමු ද්‍රව්‍ය බදු රහිතව ආනයනය කිරීමට අවසර දීම සහ ඒවා සමීක්ෂණය කිරීම.
  • වෙළඳපොළ ප්‍රවර්ධන සේවා
    • විදේශීය වෙළඳ ප්‍රදර්ශනවල සහභාගි වීම සහ පිටරට වෙළඳ සංවිධාන සමග ‍වෙළඳ සාකච්ඡා පැවැත්වීම.
    • විදේශීය දූත මණ්ඩලවල පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම.
    • ලියාපදිංචි අපනයනකරුවන් අතර වෙළඳ විමසීම බෙදා හැරීම.
    • වෙළඳ සාකච්ඡා පැවැත්වීම (විකුණුම්කාර - ගැනුම්කාර රැස්වීම් වලට පහසුකම් සැලැස්වීම මගින්) වෙළඳ සම්බන්ධතා ගොඩනැගීම.
  • අපනයන කටයුතු කිරීමට අපේක්ෂාවෙන් සිටිනා අය සඳහා පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ උපදේශක / වෙළඳ පොළ ආධාරක සේවා ලබා දීම.
  • පොල් ආශ්‍රිත නව ව්‍යාපෘති අගැයීම සහ නිර්දේශ කිරීම.
  • පොල් ආශ්‍රිත නව ව්‍යවසාය සහ ව්‍යවසායකයන් බිහි කිරීම සහ ප්‍රවර්ධනය කිරීම.
  • තීරු ගාස්තු සහිත සහ තීරු ගාස්තු රහිත භාණ්ඩ පිළිබඳ ප්‍රශ්න කෙරෙහි සැලකිලිමත් වීම.
    • ද්වි පාක්ෂික සහ බහු පාක්ෂික වෙළඳ සාකච්ඡා වලට සහභාගි වීම.
    • නිදහස් වෙළඳ සාකච්ඡා ආදිය.
  • උනන්දුවක් දක්වන්නන්ට පොල් කර්මාන්තයට අදාළ තොරතුරු ප්‍රකාශන මගින් බෙදා හැරීම.

ඇමතුම් විස්තර

දුරකතන : +94 112 421 028
ෆැක්ස් : +94 112 322 792
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.