දැක්ම

“‍පොල් කර්මාන්තය දළ දේශීය නිෂ්පාදනය සඳහා වැවිලි ක්ෂේත්‍රයෙන් ඉහළතම දායකත්වය ලබා දෙන්නා වීම සහ

නිෂ්පාදන අළෙවි විවිධාංගීකරණයේදී ගෝලීය නායකයා වීම.”

මෙහෙවර

“ගෘහස්ථ පාරිභෝජනය සහ කර්මාන්තය සඳහා පොල් සහ පොල් නිෂ්පාදන සැපයුම තහවුරු කිරීම මඟින්, පොල් කර්මාන්තය දීර්ඝ කාලීන වාණිජමය ඵලදායීතාවය, තිරසාරත්වය හා ජාතික ආර්ථිකය සඳහා ඉහළ දායකත්වයක් කරා ගෙන ඒම සඳහා පහසුකම් සැපයීම”

1971 අංක 46 දරන පොල් සංවර්ධන අධිකාරී පනත, අනතුරුව 1987 අංක 40 දරන සංශෝධන පනත සහ 1978.12.31 අංක 69/4 දරන අති විශේෂ ගැසට් නිවේදනය යන මේවා ප්‍රකාර පොල් කර්මාන්තයේ ප්‍රමුඛ ආයතනය වශයෙන් ක්‍රියා කිරීමට පොල් සංවර්ධන අධිකාරියට බලතල සහ කාර්යයන් පවරා තිබෙන අතර එය පො.සං.අ. යේ මෙන්ම මෙම කාර්මාන්තය තුළ අනුබද්ධව පවතින සෙසු සම කණ්ඩායම්වල ද යහපාලනය, මාර්ගෝපදේශනය, තාක්ෂණය, ව්‍යාපෘති සහ වැඩසටහන් අනුමත කිරීම සහ අරමුදල් කළමනාකරණය සලසා දෙයි.

තව ද එය සතු බලතල අතර කුඩා, මධ්‍යම සහ විශාල පරිමාණ කර්මාන්තවල සෘජු මෙහෙයුම් කටයුතු, අධීක්ෂණ වගකීම්, කාර්මික ක්‍රියාවලී සංවර්ධනය කොට ඒවාට පහසුකම් සැලසීම යන මේවා ද වේ. මීට අමතරව, පො.සං.අ.යේ අලෙවි කාර්යභාරය බෙහෙවින් සුවිශේෂ වන අතර එය මෙරට මෙන් ම ජාත්‍යන්තර වෙළඳ පොළවළ ද ක්‍රියාත්මක වේ. මෙම බලතල තුළ පො.සං.අ. පොල් වලින් නිෂ්පාදන කිරීමට සහාය සලසමින් ඒවාට වෙළඳපොළ අවස්ථා සලසා දීමට ත් ක්‍රියා කරයි. මේ පරමාර්ථ මුදුන්පත් කිරීම සඳහා පො.සං.අ මෙම කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන්නන් ඇතුළුව රජයේ ආයතන, පෞද්ගලික අංශයේ සංවිධාන, වගාකරුවන්, කර්මාන්තකරුවන් බැංකු, සාමාන්‍ය මහජනතාව යනාදී ආයතන සහ පුද්ගලයන් සම්බන්ධීකරණය කරයි.

ප්‍රධාන කාර්යයන්

පොල් සංවර්ධන පනතේ විධිවිධාන සලසා ඇති පරිදි අධිකාරිය සතු කාර්යය  පුළුල් වශයෙන් පහත දැක්වේ:

  • පොල් කර්මාන්තය සම්බන්ධයෙන් සහ පොල් වගාවන් තුළ ද ඒ සඳහා ද ප්‍රතිපත්ති සම්පාදනය සහ සංවර්ධන ප්‍රමුඛතා තීරණය කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට සහාය වීම.
  • එසේ තීරණය කරනු ලබන සංවර්ධන ප්‍රමුඛතාවලට අනුකූලව ව්‍යාපෘති සහ යෝජනා ක්‍රම සම්පාදනය කිරීම හෝ සම්පාදනය කිරීමට සහාය වීම.
  • එසේ සම්පාදනය කරනු ලබන ව්‍යාපෘති සහ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම හෝ ක්‍රියාත්මක කිරීමට සහාය වීම.
  • පොල් සංවර්ධන පනත යටතේ අමාත්‍යවරයා විසින් පිහිටවනු ලබන මණ්ඩලයේ කටයුතු සම්බන්ධීකරණය කිරීම.

පොල් සංවර්ධන පනතේ 20 වගන්තියේ නිරූපනය කර ඇති පරිදි පො.සං.අ. යේ අරමුණු, ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද නියෝගයක් මගින් අධිකාරිය වෙත පවරා තිබෙන අතර, කාර්මික ක්‍රියාවලිය, පොල් සහ පොල් නිෂ්පාදන මෙරට සහ අපනයන වෙළඳ පොළට යැවීම යන මේවා සම්බන්ධ සියලුම කටයුතු අධීක්ෂණය කිරීමේ සහ සංවර්ධනය කිරීමේ වගකීම ද පවරා තිබේ.

  • පොල් ආශ්‍රිත නිෂ්පාදන, නිෂ්පාදනය කිරීම සහ නිෂ්පාදනය කිරීමට සහාය වීම, ප්‍රවර්ධනය කිරීම සහ නියාමනය කිරීම.
  • පොල් නිෂ්පාදන පිරිසැකසුම් කිරීමේදී නව ශිල්පීය ක්‍රම අභිවර්ධනය කිරීම.
  • පොල් ආශ්‍රිත නිෂ්පාදනය කිරීමෙහි නියුක්තව සිටින ආයතනවල කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා සහාය වීම සහ නවීකරණය, ප්‍රවර්ධනය කිරීම සහ ඊට උපදෙස් දීම.
  • ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන සහ ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන පොල් ආශ්‍රිත නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වය පිළිබඳ ප්‍රමිති නියම කිරීම සහ ඒවා පවත්වා ගැනීම.
  • පොල් නිෂ්පාදන මිලදී ගැනීම සහ අලෙවි කිරීම ද ඒවා මිලදී ගැනීම සහ අලෙවි කිරීම නියාමනය කිරීම ද සාමාන්‍යයෙන් පොල් නිෂ්පාදන සඳහා ද පොල් නිෂ්පාදන සිදු කරන කුඩා පොල් වතු හිමියන් සඳහා ද අවම සහ උපරිම මිල ක්‍රමයක් සහ මිල ස්ථායී කිරීමේ යෝජනා ක්‍රම සම්පාදනය කිරීම හෝ ක්‍රියාත්මක කිරීම.
  • පොල් නිෂ්පාදන අපනයනය සහ ආනයනය සහ එම අපනයන සහ ආනයන මෙන් ම අපනයන මිල සහ ආනයන මිල නියාමනය කිරීම.
  • ප්‍රවර්ධන කටයුතු ප්‍රචාරය කිරීමෙන් ද ආරම්භ කිරීමෙන් ද අරමුදල් සැපයීමෙන් ද ආධාර කිරීමෙන් ද අධීක්ෂණය කිරීමෙන් ද ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටත පොල් නිෂ්පාදන සඳහා වන ඉල්ලුම පවත්වා ගැනීම, ප්‍රවර්ධනය කිරීම සහ ඇති කිරීම සහ අලෙවි සල් සහ නියෝජිත වෙළඳසැල් පිහිටු වීමෙන්, කළමනාකරණය කිරීම ත්, අධීක්ෂණය කිරීමෙන් සහ ඒවාට ආධාර කිරීමෙන් ද ප්‍රදර්ශන සහ අලෙවිපොළවල් සංවිධානය කිරීමෙන් ඒවාට සහාය වීමෙන් සහ සහභාගි වීමෙන් ද අවශ්‍ය කරන වෙනත් ක්‍රමෝපායවලින් ද ප්‍රවර්ධන කටයුතු කිරීම.
  • ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටත පොල් නිෂ්පාදන ප්‍රවාහනය කිරීමට අලෙවි කිරීමට අදාළ සියලුම අංශ පිළිබඳ වෙළඳපොළ පර්යේෂණ කිරීම.
  • පොල් වගාව හා තෙල් ආශ්‍රිත නිෂ්පාදන නිපදවීම හෝ වෙළඳාමේ නියුතු ආයතනවල සහයෝගීතාව ප්‍රවර්ධනය හා කළමනාකරණය හා අයිතිය පිළිබඳ සාමූහික ආකාර ප්‍රවර්ධනය කිරීම.

1980 අග භාගයේදී පොල් වෙළඳාම නිදහස් තත්ත්වයට පත් වූ තැන් සිට අධිකාරියේ ප්‍රධාන කාර්යයන් ඉලක්ක කෙරුණේ අපනයන අංශය කෙරෙහි විශේෂ අවධානයකින් යුක්තව පිරිසැකසුම් සහ අලෙවි අංශ ප්‍රවර්ධනය සහ සංවර්ධනය සඳහා ප්‍රතිපත්ති ද වැඩසටහන් ද සම්පාදනය කිරීම සහ ඒවා ක්‍රියාත්මක කෙරෙහිය.

පොල් කර්මාන්තය සංවර්ධනය කිරීම හා සම්බන්ධ ප්‍රතිපත්තිමය කරුණු තීරණය කිරීමට පොල් සංවර්ධන අමාත්‍යාංශයට සහාය වීම පිණිස පො.සං.අ., අමාත්‍යාංශය සමග සමීපතම සම්බන්ධතාවකින් ක්‍රියා කළේය. එම කරුණු මේ ආකාර වේ.

  • පොල් කර්මාන්තය සංවර්ධනය කිරීමේ ප්‍රමුඛතා හඳුනා ගැනීම. එනම් පොල් පර්යේෂණ පොල් වගාකිරීම සහ පිරිසැකසුම් කිරීම, පොල් සහ පොල් නිෂ්පාදන පිරිසැකසුම සහ අලෙවිය.
  • ප්‍රමුඛතා පදනම් කර ගත් ආදර්ශයක් මත පොල් කර්මාන්තයේ සියලු ම සංවර්ධන ව්‍යාපෘති සඳහා සෙසු අරමුදල් වෙන් කර දීම.
  • පොල් පාදක කරගත් නිෂ්පාදන සහ එළවලු තෙල් වැනි ආදේශක සඳහා ආනයන තීරුබදු හඳුන්වාදීම.
  • මෙරට පරිභෝජනය සහ කාර්මික පිරිසැකසුම් සඳහා පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ ඉල්ලුම, සැපයීම සහ මිල ගණන් කළමනාකරණය කිරීම.

ප්‍රමුඛ කාර්යයන්

  • නියමිත ප්‍රමිති පවත්වා ගැනීමට වග බලා ගැනීම පිණිස පිරිසැකසුම් ඒකක සහ නියැදිගත කිරීම පරීක්ෂා කිරීම.
  • නියමිත තත්ත්ව ප්‍රමිති පවත්වා ගැනීමට වගබලා ගැනීම පිණිස අපනයන ‍තොග වලින් ලබාගත් පොල් නිෂ්පාදන නියැදි පරීක්ෂා කිරීම.
  • අපනයන භාණ්ඩ තොග සඳහා තත්ත්ව සහතික නිකුත් කිරීම.
  • පොල් නිෂ්පාදනවල තත්ත්වය වැඩි දියුණු කිරීමට කාර්මික සහාය ලබාදීම.
  • පිරිසැකසුම් කර්මාන්තශාලා යවත්කාල කිරීමට සහ නවීකරණය කිරීමට අවශ්‍ය ශිල්පීය සහාය සහ මූල්‍ය සහාය ලබා දීම.
  • අගය වැඩි පොල් නිෂ්පාදන නිපදවීම සඳහා ශිල්පීය සහාය සහ මූල්‍ය සහාය ලබාදීම.
  • පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධ අලුත් වෙළඳ පොළ තොරතුරු වෙළඳ සහ කාර්මාන්ත අංශයට සැපයීම.
  • පොල් සහ කොප්පරා සඳහා වෙන්දේසි පැවැත්වීම මඟින් අභ්‍යන්තර සහ අපනයන අලෙවි මාර්ග සඳහා පහසුකම් සැලසීම.
  • වෙළඳ සල්පිල්, ප්‍රදර්ශන ආදියට සහභාගි වීම මගින් පොල් නිෂ්පාදන අපනයනය ප්‍රවර්ධනය කිරීම.
  • සක්‍රීය කළ කාබන් සහ අගය වැඩි කළ සක්‍රීය කළ කාබන් කර්මාන්තය පිළිබඳ කටයුතු සමීක්ෂණය කිරීම.

අපේ අරමුණු

  • දළ දේශීය නිෂ්පාදනයට යටත් පිරිසෙයින් 4% ක වත් දායකත්වය ලබා දිය හැකි පරිදි අගය එකතු කළ භාණ්ඩ ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම.
  • ගෝලීය වෙළඳ පොළට ළඟා වෙමින් උසස් තත්ත්වයේ නිෂ්පාදන වලින් යුක්ත නිෂ්පාදන වෙළඳපොළ පිළිබඳ විවිධාංගීකරණයක් ළඟා කර ගැනීම.
  • පොල් නිෂ්පාදන අපනයනයෙන් වාර්ෂික විදේශ විනිමය ඉපැයුම් ප්‍රමාණය වැඩිකර ගැනීම.
  • පොල් ආශ්‍රිත සියලු නිෂ්පාදන කාර්යයන්හි නියුක්ත සියලුම වගාකරුවන්ට නිෂ්පාදකයන්ට සහ කාර්මිකයන්ට ස්වකීය ආයෝජන සඳහා තිරසාර ලාභ ලැබෙන ‍බවට වගබලා ගැනීම.

අපේ පරමාර්ථ

  • පොල් කර්මාන්තය පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධයෙන් ද සංවර්ධන ප්‍රමුඛතා තීරණය කිරීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයාට සහ අමාත්‍යාංශයට සහාය වීම සහ උපදෙස් ලබාදීම.
  • දීර්ඝකාලීන වශයෙන් වෙළඳාම ක්‍රියාශීලී සහ තිරසාර කර ගනු පිණිස පොල් කර්මාන්තය සංවර්ධනය කිරීම.
  • පොල් සහ පොල්තෙල් සාධාරණ මිලකට ගෙදර දොරේ අවශ්‍යතා සඳහා පහසුවෙන් ලබා ගත හැකි ‍බවට වග බලා ගැනීම.
  • ගෘහස්ත පරිභෝජනයේදී සිදුවන නාස්තිය අවම කිරීම මගින් කාර්මික පිරිසැකසුම් කටයුතු සඳහා ලබා ගත හැකි පොල් ප්‍රමාණය වැඩිකර ගැනීම.
  • පොල් නිෂ්පාදනයේදී සහ අපනය‍නයේදී උපරිම නිෂ්පාදන අලෙවි විවිධාංගීකරණයක් ළඟාකර ගැනීම.
  • පොල් නිෂ්පාදන අපනයනයෙන් උපරිම විදේශ විනිමය ඉපැයීම් ලබා ගැනීම.

අපේ ක්‍රමෝපායයන්

  • ගොවීන්ට පොල් සඳහා ලාභදායී මිල ගණන් ලැබෙන බවට ද කර්මාන්ත ක්ෂේත්‍රයට සහ පාරිභෝගිකයන්ට සාධාරණ මිලට පොල් ලැබෙන බවට ද වගබලා ගැනීම.
  • ගෙදරදොරේ පොල් භාවිතයේදී සිදුවන නාස්තිය වැළැක්වීම.
  • පොල් පිරිසැකසුම් කර්මාන්තවල ඵලදායකත්වය සහ තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම.
  • වාණිජ නිෂ්පාදන ත් අලෙවිය ත් සඳහා අලුත් සහ අගය එකතු කළ පොල් නිෂ්පාදන වැඩි දියුණු කිරීම සහ හඳුන්වා දීම.
  • පොල් ආශ්‍රිත නිෂ්පාදන අඛණ්ඩව යාවත්කාල කිරීම සහ නවීකරණය කිරීම.
  • පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය වැඩි දියුණු කිරීම සඳහා තව තව ත් අගය වැඩි කිරීමේ කටයුතු ප්‍රවර්ධනය කිරීම.
  • පොල් මෝල්වලට සුදුසු ශ්‍රේණියේ සහ කෑමට සුදුසු ශ්‍රේණියේ කොප්පරා නිෂ්පාදනය සඳහා කාර්මික - ආර්ථික යෝග්‍යතාවෙන් යුක්ත සුදුසු ක්‍රියාවලීන් හඳුන්වා දීම සහ ඒවා වැඩි දියුණු කිරීම.
  • කෑමට ගන්නා ශ්‍රේණියේ ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි සුදු පොල්තෙල් නිෂ්පාදනය වැඩි දියුණු කිරීම.
  • තෙල් පිරිසැකසුම් ඒකකවල, කෑමට ගන්නා පොල්තෙල් ඇසුරුම් කිරීමේ කටයුතු ප්‍රවර්ධනය කිරීම.
  • දේශීය වෙළඳපොළ සඳහා ත් අපනයනය සඳහා ත් අගය එකතු කළ පොල් මද නිෂ්පාදන සහ යුෂ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම.
  • පොල් නිෂ්පාදන නිපදවීමේදී සහ අපනයනයේදී තත්ත්ව ප්‍රමිති පවත්වා ගැනීමට වගබලා ගැනීම.
  • අපනයනය සඳහා ත් ගෙදරදොරේ ප්‍රයෝජනය සඳහා ත් වන පොල් නිෂ්පාදනවල තත්ත්වය සහතික කිරීම සහ ඒ ගැන වගබලා ගැනීම.
  • පොල් නිෂ්පාදන සඳහා වැඩිම අපනයන මිල ගණන් ලබා ගැනීම.
  • පුළුල් නිෂ්පාදන - වෙළඳපොළ විවිධාංගීකරණයක් ලබා ගැනීම.
  • පොල් නිෂ්පාදන අපනයනයේදී ඒ සඳහා පාරිභෝගික තෘප්තිය ලැබෙන බවට වගබලා ගැනීම.
  • පිරිසැකසුම් සහ අලෙවි අංශ අධීක්ෂණය කිරීම සහ නිරීක්ෂණය කිරීම.
  • සක්‍රිය කළ කාබන් කාර්මාන්තයේ කටයුතු නිරීක්ෂණය කිරීම සහ පාලනය කිරීම.
  • විමධ්‍යගත අලෙවි මධ්‍යස්ථානවල මෙරට පාරිභෝගිකයන්ට ද සහන මිල ගණන්වලට පොල් නිෂ්පාදන සැපයීම.
  • දීප ව්‍යාප්ත පොල් කර්මාන්තය රැක ගැනීමේ අරමුණින් පොල් ත්‍රිකෝණය සහ කුඩා ත්‍රිකෝණය තුළ ප්‍රාදේශීය කාර්යාල පිහිටුවීම.